Master SMS gateway

මොකක්ද මේ SMS gateway කියන්නේ?

සමහර අය නම් දැනටමත් දන්නවා ඇති සමහරු නම් අදම වෙන්න ඇති අහන්න ඇත්තේ. කෙටියෙන්ම කියනවා නම් SMS gateway එකෙන් කරන්නේ ඔයාගේ PC එකෙන් ජංගම දුරකථනයකට ඔබගේ ව්‍යාපාරයේ නමින් SMS එකක් යැවිමයි. තවත් සරලව කියනවා නම්, ඔයාලගේ ජංගම දුරකථනයට එනවා නේද KFC, Pizza Hut වගේ තැන්වලින්ව Promotional SMS, අන්න ඒවා එවන්නේ SMS gateway එකකින්.

Master SMS Gatewayතමන්ගේ ව්‍යාපාර වලට SMS gateway එකක් හදාගන්න දැනුම නැති නිසාත්, නමුත් ව්‍යාපාරයන් ප්‍රචලිත කිරිමට අලුත් තාක්ෂණික දැනුම අවශ්‍ය නිසාත්, හැමකෙනෙකුටම ලෙහෙසියෙන් SMS gateway භාවිතා කරන්න පුලුවන් software එකක් අපි හැදුවා එක තමයි Master SMS Gateway.

Master SMS Gateway මගින් ඔබේ පරිගණකයෙන් හො ජංගම දුරකථනයෙන් ක්ෂණිකව ඔබේ පාරිභෝගිකයන්ට SMS යැවිමට හැකියාව සලස්වා ඇත. ඔබගේ ව්‍යාපාරයේ නමින් ලබන්නාගේ දුරකථනයට SMS යැවිය හැකි බැවින් ඔබගේ ව්‍යාපාරයේ අනන්‍යතාවයද සහතික කල හැක.

ඔබගේ ව්‍යාපාරයට මෙයින් ලැබෙන වාසි මොනවා ද?
  • ගනුදෙනුකරු හා ඔබේ ව්‍යාපාරය අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවීම.
  • ඔබගේ ව්‍යාපාරයේ නවතම තොරතුරු එසැනින් ගනුදෙනුකරුවන් හට දැනුම් දීමේ හැකියාව.
  • දුරකථන ඇමතුම් / ලිපි යැවීම් සඳහා යන වියදමට වඩා මෙම ක්‍රමය ලාභදායි වීම.
  • අදාල පුද්ගලයා හට සෘජුවම අදාල පණිවිඩය යැවීමේ හැකියාව.
SMS මගින් පාරිභොගිකයාට දැනුම් දිය හැක්කේ මොනවාද?
  • විකුණුම් හා වෙළඳ ප්‍රවර්ධන. (Sales and Trade Promotions)
  • නව නිපැයුම් ( New Inventions)
  • ඇනවුම් සුදානම් බව දැනුම් දීම් ( Order Ready Confirmations)
  • නැවත පරික්ෂාවට ආ යුතු දිනය දැනුම් දීම (Next check up date)

වැනි ඔබට අවශ්‍ය ඕනෑම පණිවිඩයක්….

 

ඔබගේ ව්‍යාපාර තව තවත් වැඩි දියුනු කර ගැනීම සඳහා නව ක්‍රම භාවිතා කිරිමට කැමති නම් අදම නොමිලේ ලියාපදිංචි වන්න!